ජොහැන්නස්බර්ග් හි භූගත ගෑස් නල මාර්ගයක පිපිරීමක් – ගමන් කරමින් තිබූ වාහන රැසක් අනතුරේ (VIDEO)

ජොහැන්නස්බර්ග් හි භූගත ගෑස් නල මාර්ගයක පිපිරීමක් – ගමන් කරමින් තිබූ වාහන රැසක් අනතුරේ (VIDEO)

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයේ භූගත ගෑස් නල මාර්ගයක පිපිරීමක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයක් දැඩි ලෙස හානියට පත්ව තිබෙනවා

ගමන් කරමින් තිබූ වාහන උඩු යටිකුරු වී ඇති අතර මාර්ගයට දැඩි ලෙස හානිවී ඇති බවත් සඳහන්

තුවාල ලැබූ පුද්ගලයන් 9 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර සමහර ඇසින් දුටු සාක්ෂිකරුවන් සඳහන් කර තිබෙන්නේ පිපිරුම සිදුවන අවස්ථාවේ පොළව සෙලවුන බවත්, පසුව විශාල පිපිරුමක් ඇසුණු බවත්ය.

භූගත ගෑස් නල මාර්ගයේ පිපිරීමෙන් පසු මාර්ගයේ ඇතිව ඇති තත්ත්වය පිළිබඳව වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර ඇති අතර එය පහතින් නැරඹිය හැකියි

Share This