ජෝර්දාන් දේශසීමාවේ සිදුවූ ප්‍රහාරයකින් තිදෙනෙකු ජීවිතක්ෂයට

ජෝර්දාන් දේශසීමාවේ සිදුවූ ප්‍රහාරයකින් තිදෙනෙකු ජීවිතක්ෂයට

ජෝර්දානයේ බටහිර ඉවුර අතර දේශසීමාවේ සිදුවූ ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව ඊශ්‍රායල බලධාරීන් පවසනවා.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේ ඇලන්බි පාලම හරස් මාර්ගයේදී සිදුවූ වෙඩි තැබීමෙන් ඊශ්‍රායල සිවිල් වැසියන් තිදෙනෙකු මිය ගිය බවයි.

ඊශ්‍රායල මාධ්‍යවලට අනුව මියගිය තිදෙනා වයස අවුරුදු 50 ක පිරිමි පුද්ගලයින් බව සඳහන්.

ජෝර්දානය පවසන්නේ දේශසීමා ආසන්නය වසා දමා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන බවයි.

ජෝර්දාන වාහන බටහිර ඉවුරට ඇතුළු වන භාණ්ඩ පටවන ඊශ්‍රායල පාලන ප්‍රදේශයක මෙම සිදුවීම සිදුවී ඇති බව සඳහන්.

කිං හුසේන් පාලම ලෙසද හැඳින්වෙන මෙම හරස් මාර්ගය, අම්මාන් සහ ජෙරුසලම අතර අඩක් පමණ පිහිටා ඇති අතර බටහිර ඉවුර සහ ජෝර්දානය අතර ඇති එකම නිල හරස් ස්ථානය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This