ජෝ බයිඩන්ට කොවිඩ්

ජෝ බයිඩන්ට කොවිඩ්

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

ධවල මන්දිර මාධ්‍ය ලේකම් Karine Jean-Pierre පැවසුවේ, ජනාධිපතිවරයාට පැවති රෝග ලක්ෂණ මත සිදුකළ පරික්ෂාවකදී ඒ පිළිබඳ තහවුරු වී ඇති බවයි

ඒ අනුව ජනාධිපතිවරයා ඩෙලවෙයාර් හි පිහිටි ඔහුගේ නිවසට ගොස් ඇති අතර එහිදී එහිදී ඔහු නිරෝධායනය වන බවත් එම කාලය තුළ සියලු රාජකාරි සම්පූර්ණයෙන්ම ඉටු කරන බවත් මාධ්‍ය ලේකම්වරයා පැවසුවා

එමෙන්ම ජනාධිපතිවරයාට ප්‍රතිවෛරස් ඖෂධ Paxlovid නියම කරන ලද අතර ඔහුගේ පළමු මාත්‍රාව ලබා ගත් බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා

කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ලාස් වේගාස් පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රචාරක උත්සවය ද අවලංගු කර තිබෙනවා.

Share This