ජෝ බයිඩන් ඉන්දීය සබඳතා පැසසුමට ලක් කරයි

ජෝ බයිඩන් ඉන්දීය සබඳතා පැසසුමට ලක් කරයි

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංචාරය පිළිබඳව අදහස් දක්වමින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් එක්සත් ජනපද-ඉන්දීය සබඳතා පැසසුමට ලක් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

රාජ්‍ය සංචාරයක යෙදී සිටින ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එක්සත් ජනපද කොංග්‍රසය ද ඇමතූ අතර එහිදී ද ඔහුට ප්‍රශංසා ලැබුණු බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

මෝදි අගමැති වීමට පෙර මානව හිමිකම් සම්බන්ධයෙන් ඇතිවූ ගැටළු මත ඔහුට වීසා ලබා දීම ප්‍රතික්ෂේප කළ එක්සත් ජනපදය දැන් ඔහුව මිතුරෙකු ලෙස සළකන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ

Share This