ටයිෆූන් සුළි කුණාටුව නිසා දකුණු චීනයට තද වැසි

ටයිෆූන් සුළි කුණාටුව නිසා දකුණු චීනයට තද වැසි

ටයිෆූන් සුළි කුණාටුව නිසා දකුණු චීනයට හත්වැනි දිනටත් අධික වර්ෂාවක් ඇද හැලෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

චීනයට ළඟා වී ඇති ටයිෆූන් වඩාත් තීව්‍ර වෙමින් පවතින බවත්, ෂෙන්සෙන් වැනි වෙරළබඩ නගරවල මාර්ග අවහිර වී ඇති බවත් ව්‍යසන අවදානම උත්සන්න වන බවත් විද්‍යාඥයෝ අනතුරු අඟවනවා

එමෙන්ම ගුවැන්ඩොං සිට ගුවැන්ග්සි දක්වා පහත් බිම් ගංවතුරින් යටවී ඇති අතර මාර්ගද අවහිර වී තිබෙනවා

Guangxi කලාපයේ Bobai ග්‍රාමීය ප්‍රාන්තයේ, ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට පියවර ගෙන ඇති අතර ඉදිරි දින කිහිපය තුළද දැඩි වර්ෂාවක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා

Share This