
ට්‍රම්ප්ගේ තීරණය වෙනස් කිරීමෙන් පසු ගෝලීය වෙළඳපොලවල් යථා තත්ත්වයට
වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් රැසකට ප්‍රකාශයට පත්කරනු ලැබූ තීරු බදු පැනවීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කිරීමෙන් පසු ගෝලීය වෙළඳපොලවල් යථා තත්ත්වයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා
කෙසේ වෙතත් චීනයට එරෙහි තීරු බද්ද 125%ක් දක්වා ඉහළ නැංවීම ක්‍රියාත්මක වනනවා
එමෙන්ම ඊට ප්‍රතිචාර ලෙස සියලුම අමෙරිකානු ආනයන සඳහා චීනයෙන් 84% ක තීරු බද්දක් පනවා තිබෙනවා