ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන මාස 4කට පෙර අනාවැකියක්

ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන මාස 4කට පෙර අනාවැකියක්

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වූ ප්‍රහාරය ගැන මාස 4කට පෙර අනාවැකි පළ කර තිබූ වීඩියෝවක් අන්තර්ජාලය හරහා යළිත් කරළියට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

පසුගිය මාර්තු 14 වැනිදා එම විඩියෝව පළ කර ඇති බව සඳහන්.

දර්ශනය සහ අනාවැකි මෙන්ම අනතුරු ඇඟවීම් පිළිබඳ විඩියෝ එක් කරන යු ටියුබ් නාලිකාවකට මෙම විඩීයෝව එක් කර තිබූ බවටයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

කෙසේ වෙතත් අදාළ වෙඩි ප්‍රහාරය එල්ල කළ වෙඩික්කරු අමෙරිකානු රහස්‍ය සේවා නිලධාරීන්ගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ අතර තෝමස් මැතිව් කෘක්ස් නම් 21 හැවිරිදි අයෙකු බවටයි ඔහුගේ DNA පරීක්ෂාවෙන් අනතුරුව FBI ආයතනය නිවේදනය කළේ

Share This