ට්‍රම්ප්ට වෙඩි තැබූ වෙඩික්කරුගේ අනන්‍යතාවය හඳුනාගනී

ට්‍රම්ප්ට වෙඩි තැබූ වෙඩික්කරුගේ අනන්‍යතාවය හඳුනාගනී

අමෙරිකාවේ රිපබ්ලිකන් අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනයට තැත් කළ වෙඩික්කරුගේ අනන්‍යතාව හදුනාගෙන ඇති බව අමෙරිකානු FBI ආයතනය සඳහන් කරනවා.

වෙඩි ප්‍රහාරය එල්ල කළ වෙඩික්කරු අමෙරිකානු රහස්‍ය සේවා නිලධාරීන්ගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වුණා.

ඔහුගේ DNA පරීක්ෂාවෙන් අනතුරුව FBI ආයතනය නිවේදනය කළේ ඝාතනයට තැත් කළ සැකකරු තෝමස් මැතිව් කෘක්ස් නම් 21 හැවිරිදි අයෙකු බවයි.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ට්‍රම්ප් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

කෙසේවෙතත් අමෙරිකාවේ රහස්‍ය බුද්ධි සේවාවන්ට මේ පිළිබදව තොරතුරු මීට පෙර අනාවරණ නොවීම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින අතර මෙය ඔවුන්ගේ අසමත්භාවය පෙන්නුම් කරන්නක් බවටයි චෝදනා එල්ල වන්නේ.

Share This