ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරාත්මක තීරුබදු නිසා රටට වෙන බලපෑම්වලට රජයේ ප්‍රතිචාරය මොකද්ද?- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරාත්මක තීරුබදු නිසා රටට වෙන බලපෑම්වලට රජයේ ප්‍රතිචාරය මොකද්ද?- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි

ඇමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අප රටට ප්‍රතිචාරක තීරුබදු 30%ක් පැනවීම තුළ අප රටේ අපනයන ක්ෂේත්‍රයට බරපතල සෘණාත්මක බලපෑමක් සිදුවන බවත් ඇගලුම්, තේ, රබර්, තොරතුරු තාක්ෂණය, ධීවර ක්ෂේත්‍රයන්ට මෙහි සෘණාත්මක බරපතල බලපෑම සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ අප රටේ අපනයනවලින් 26.4%ක අපනයන ගමනාන්තයක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය හැඳින්විය හැකි අතර, 2024 අප රටේ අපනයන වටිනාකම ඇ. ඩොලර් බිලියන 3.8ක් බවත්, 30%ක ප්‍රතිචාරක තීරුබදු පැනවීම තුළ අපනයන වෙළෙඳාම බරපතල ගැටලුවලට මුහුණ දෙන බවයි.

අප රටේ ඇගලුම් අපනයනවලින් 60%ක් ඇමෙරිකාව බලා යන බවත්, මේ බදු පැනවීම තුළ අප රටට ලැබෙන ඇනවුම් 30-40%ත් අතර ප්‍රමාණයකින් අඩුවන බවත් විපක්ෂ නායක පවසනවා.
ඔහුගේ අදහස වන්නේ මෙය රබර් සහ තේ යන ක්ෂේත්‍රවලට බරපතල බලපෑමක් සිදුවනු ඇති බවයි.

මේ හරහා රටට එන ඩොලර් ප්‍රමාණය අඩු වී රුපියල අවප්‍රමාණය විය හැකි බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා.

ඒ තුළින් උද්ධමනය වැඩි වී ආනයන වියදම වැඩි විය හැකි බවත් ඊට අමතරව ඇගලුම් ක්ෂේත්‍රයේ 350,000ක් පමණ රැකියාවල නිරත වන නිසා මේ තීරුබදු පැනවීම හරහා රැකියා සුරක්ෂිතභාවයට මරු පහරක් එල්ල වනු ඇති බව විපක්ෂනායක වරයාගේ අදහසයි.

මෙය අපනයන කේන්ද්‍රීය සෘජු විදේශ ආයෝජන කේන්ද්‍රස්ථානයක් පවත්වාගෙන යාමට බරපතල බාධාවක් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහුට පෙන්වා දෙන්නේ මෙම ව්‍යුහාත්මක වෙළෙඳ හිගය දිගින් දිගටම ක්‍රියාත්මක වන නිසා, එය මගහරවා ගත හැක්කේ අපනයන ගමනාන්තයන් විවිධාංගීකරණය කිරීම හරහා බවයි.

පැනවූ බදු 44% සිට 30%ට අඩු වීම අප රටට බරපතල බලපෑමක් නොවන බවට බොහෝ අය සිතුවත් මෙවන් විශාල ප්‍රතිචාරක තීරු බද්දක් පැනවීම තුළ අප රටට විශාල හානියක් බව විපක්ෂ නායක වැඩිදුරටත් පවසනවා.

Share This