ට්‍රම්ප් යළිත් කරළියට – ජනපති ධූරය අපේක්ෂාවෙන් ප්‍රචාරණ කටයුතුද අරඹයි (VIDEO)

ට්‍රම්ප් යළිත් කරළියට – ජනපති ධූරය අපේක්ෂාවෙන් ප්‍රචාරණ කටයුතුද අරඹයි (VIDEO)

2024 දී එක්සත් ජනපද ජනාධිපති ධුරයට තරග කිරීමට හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සැළසුම් කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙන්නේ ඇමරිකාවේ පුනරාගමනය දැන් ආරම්භ වන බවයි

ඇමරිකාව නැවතත් ශ්‍රේෂ්ඨ හා කීර්තිමත් කිරීමට එක්සත් ජනපදයේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශ කරන බවත් මෙතැන් සිට 2024 මැතිවරණ දිනය දක්වා මීට පෙර කිසිවෙක් සටන් නොකළ ආකාරයට සටන් කරන බවත් රැඩිකල් වාම ප්‍රජාතන්ත්‍රවාදීන් පරාජය කරන බවත් ට්‍රම්ප් පවසන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

ජනාධිපති ධුරයට තරග කිරීමට ට්‍රම්ප්ට රිපබ්ලිකන් පක්ෂයේ නාමයෝජනා දිනා ගැනීමට සිදුවනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

දැනටමත් ට්‍රම්ප්ගේ ප්‍රචාරණ කටයුතු ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

 

Share This