ට්‍රම්ප් වෙනුවෙන් බලා සිටින්නන් (PHOTOS)

ට්‍රම්ප් වෙනුවෙන් බලා සිටින්නන් (PHOTOS)

ඩොනල්ඩ් ට්‍රම්ප්, නිව්යෝර්ක් නගරයේ ට්‍රම්ප් ටවර් හි නීතීඥවරුන්ගෙන් උපදෙස් ලබා ගනිමින් තවදුරටත් එහි රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2016 වසරේදී සිය මැතිවරණ ව්‍යාපාරයේදී අසභ්‍ය චිත්‍රපට තරුවකට මුදල් ගෙවීමක් සම්බන්ධයෙන් නිව්යෝර්ක් ජූරි සභාව ට්‍රම්ප්ට එරෙහිව අධි චෝදනා ගොනු කරනු ලැබුවා

එමෙන්ම අද(04) අමෙරිකාවට ඓතිහාසික දිනයක් ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ මින් පෙර කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හෝ හිටපු එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු අපරාධ චෝදනාවලට පිළිතුරු දීමට අධිකරණ ශාලාවක් තුළට නොපැමිණීම හේතුවෙනුයි.

මේ අතර ට්‍රම්ප්ගේ නඩු විභාගයට පෙර නිව්යෝර්ක් පොලිසිය දැඩි අවධානයෙන් සිටින බවත් අධිකරණ ගොඩනැගිල්ල වටා බාධක ඉදිකර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මේ වනවිට එහි පවතින තත්ත්වය පිළිබඳව විදෙස් මාධ්‍ය ඡායාරූප මගින් වාර්තා කර තිබුණේ පහත අයුරිනුයි.

 

 

Share This