ට්‍රැක්ටරයට යට වී 8 හැවිරිදි දරුවා මරුට

ට්‍රැක්ටරයට යට වී 8 හැවිරිදි දරුවා මරුට

පොළොන්නරුව, මඩකලපුව ප්‍රධාන මාර්ගයෙන් හැරී අසේලපුර දෙසට ඇති මාර්ගයේදී ඊයේ සවස ට්‍රැක්ටර් රථයක ගැටී අට හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු සිය පවුලේ සාමාජිකයන් සමඟ වන අලින් නැරඹීමට ගොස් නැවත නිවස අසලට පැමිණි අවස්ථාවේදී එම අවාසනාවන්ත ඉරණමට ගොදුරුවී තිබෙනවා.

දරුවා සහ ඔහුගේ සහෝදරිය ත්‍රිරෝද රථයකින් පැමිණ නිවස අසල රථය නැවැත්වූ අවස්ථාවේ ඉන් බැස ත්‍රිරෝද රථයට පිටුපසින් පාර මාරුවී තිබෙනවා.

ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ට්‍රැක්ටරයේ දරුවා ගැටී ඇත්තේ එම අවස්ථාවේ දීයි.

සිද්ධියෙන් තුවාල ලැබූ 8 හැවිරිදි දරුවා වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධියට අදාළව ට්‍රැක්ටර් රථය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share This