ටිබෙටයට බලපෑ හිම කුණාටුවකින් අධිවේගී මාර්ගයේ ගමන් ගත් පුද්ගලයින් 8ක් මරුට

ටිබෙටයට බලපෑ හිම කුණාටුවකින් අධිවේගී මාර්ගයේ ගමන් ගත් පුද්ගලයින් 8ක් මරුට

ගිණිකොනදිග ටිබෙට් නගරයක් වන නින්චි ආසන්නයේ උමං මාර්ගයක ඇති වූ හිම කුණාටුවකින් අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

හිම කුණාටුවෙන් බොහෝ මෝටර් රථ පෙරළී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

කොපමණ පිරිසක් අතුරුදහන් වී ඇත්ද යන්න පැහැදිලි නැති අතර සහන සේවකයින් සිය ගණනක් මෙහෙයුම් කටයුතුවල නිරත වී ඇති බවයි පැවසෙන්නේ.

මෙම හිම කුණාටුව පැමිණ ඇත්තේ බටහිර චීනයේ බෞද්ධ ප්‍රදේශයක් වන ටිබෙටයේ Mainling ප්‍රාන්තයේ Pai නගරය සහ Medog ප්‍රාන්තය සම්බන්ධ කරන අධිවේගී මාර්ගයකයි.

 

Share This