ටිබෙටයෙන් චීනයට චෝදනාවක්

ටිබෙටයෙන් චීනයට චෝදනාවක්

චීනය ටිබෙටයේ භූගත ජලය සහ උල්පත් ජලය ලබාගෙන ඒවා ප්ලාස්ටික් බෝතල්වල දමා අලෙවි කරන බව ටිබෙටයේ මාධ්‍ය වාර්තා සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

ටිබෙටයේ බෝතල් කළ ජලය චීනයේ වඩාත්ම පිරිසිදු ජලය ලෙස සලකනු ලබන බව “Meltdown in Tibet” හි කතුවරයා වන මයිකල් බක්ලි සඳහන් කර තිබෙනවා.

බෝතල් කළ ජලය චීන පරිශීලකයින් ඉලක්ක කර ගත්තද, ටිබෙටයේ පෞරාණික ගංගාවල ජලය තවදුරටත් පිරිසිදු යැයි විශ්වාස කළ නොහැකි බවයි වාර්තා වන්නේ.

චීන කැණීම් ව්‍යාපාර නිසා සිදුවන දූෂණය හේතුවෙන් ගංගාවල සමහර කොටස් අනතුරුදායක වී ඇති අතර, යැක් නම් ගවයින් ද අපිරිසිදු ජලය හේතුවෙන් මිය ගොස් තිබෙනවා.

කලක් ස්වයංපෝෂිතව සිටි ටිබෙටයේ ජනතාව මෙම ව්‍යාපෘති හේතුවෙන් මේ වන විට අපහසුතාවට පත්ව ඇති බව ටිබෙට් අයිතිවාසිකම් සංසදය වැඩිදුරටත් සඳහන් කළා.

Share This