ටිබෙටයේ කොටසක් වැසේ

ටිබෙටයේ කොටසක් වැසේ

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ටිබෙටයේ අගනුවර කොටසක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ ටිබෙටයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එකවර ඉහළ යාමත් සමග මෙම පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව ටිබෙටයේ ලාසාහි ෂිගෙට් නගරය එලෙස දින 3 කට වසා දමා ඇති බව සඳහන්.

ටිබෙටයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4 සිට 22 ක් දක්වා එකවර ඉහළ ගොස් තිබෙනවා.

ටිබෙටයේ ලාසා අගනුවර මේ වනවිට පවතින්නේ කොරෝනා අධි අවදානම් තත්ත්වයකයි.

ටිබෙට් දේශයේ රෝහල්වල පවතින අඩු සෞඛ්‍ය පහසුකම් හා රෝහල් සේවක හිගය හමුවේ කොරෝනා ව්‍යාප්තිය එකවර ඉහල ගියහොත් රෝහල් පද්ධතිය කඩා වැටෙනු ඇති බවට වෛද්‍යවරුන් මේවනවිටත් අනතුරු අඟවා ඇති බව සඳහන්.

මේ අතර චීනයේහ හයිනෑන් ප්‍රදේශයෙන් ද මේවනවිට වාර්තා ගත කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වනවා.

ඒ සංචාරක පුරවරයක් වන සන්‍යා නගරය ද මේ වනවිට ද වසා දමා ඇති පසුබිමක් තුළයි.

එම නගරය තුළ ලොවපුරා රටවලින් පැමිණි සංචාරකයින් දහස් ගණනක් සිරවී සිටිනවා.

ඔවුන් චීනයේ මෙම කොරෝනා මර්දන ක්‍රියාකලාපයට දක්වන්නේ දැඩි විරෝධයක්.

Share This