
ටියුනීසියානු මුහුදේදී සංක්‍රමණික යාත්‍රාවක් අනතුරක -18කගේ සිරුරු හමුවෙයි
ටියුනීසියාවට ආසන්න මුහුදු ප්‍රදේශයේදී සංක්‍රමණික යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් මියගිය 18 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා.
එම යාත්‍රාවේ සිටි 612 දෙනෙකු බේරාගැනීමට සමත් වී ඇති අතර අතුරුදන් පිරිස් සෙවීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
බේරාගත් අයගෙන් වැඩි පිරිසක් කාන්තාවන් සහ ළමුන් වන බව සඳහන්.
යුරෝපය වෙත යාම සඳහා සංක්‍රමණිකයින්ට මධ්‍යධරණී මුහුද තරණය කිරීමට සිදුවන අතර මේ හේතුවෙන් පසුගිය කාලවකවානුව තුළ සංක්‍රමණික යාත්‍රා අනතුරට ලක්වීමෙන් සංක්‍රමණිකයින් විශාල පිරිසකගේ දිවි අහිමි වී තිබුණා.