ටියුනීසියාවේ හිටපු අධිකරණ ඇමතිගෙන් ත්‍රස්තවාදය ගැන ප්‍රශ්න කෙරේ

ටියුනීසියාවේ හිටපු අධිකරණ ඇමතිගෙන් ත්‍රස්තවාදය ගැන ප්‍රශ්න කෙරේ

හිටපු අධිකරණ අමාත්‍යවරයකු “ත්‍රස්තවාදය” සම්බන්ධයෙන් සැක කරන බව ටියුනීසියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසනවා

ටියුනීසියාවේ හිටපු අධිකරණ අමාත්‍යවරයකු වන Noureddine Bhiri මෙලෙස රඳවා තබා ගනිමින් ප්‍රශ්න කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

මේ වනවිට ආහාර සහ ඖෂධ ප්‍රතික්ෂේප කර ඇති අතර ඊයේ (03) රෝහලකට මාරු කර යවා ඇති නමුත් එහිදීද  ඔහු අඛණ්ඩ උපවාසයේ නිරත වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එන්නහ්දා පක්ෂයේ පක්ෂ සාමාජිකයන්  සහ ක්‍රියාකාරීන් පවසා ඇත්තේ භිරි මහතා නිදන්ගත රෝගාබාධයකින් පෙළෙන බැවින් ඔහුගේ සෞඛ්‍යය අවදානම් මට්ටමක පවතින බවයි.

 

Share This