ටිරාන් අලස් CIDයට පැමිණෙයි (VIDEO)

ටිරාන් අලස් CIDයට පැමිණෙයි (VIDEO)

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

අද (31) පෙරවරුවේ එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි ඔහු මේ වන විට ප්‍රකාශයක් ලබාදෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හේතු වී ඇති වැලිගම ප්‍රදේශයේ වෙඩිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස සිදුකර තිබූ දැනුම්දීමකට අනුව ටිරාන් අලස් මහතා මෙලෙස පැමිණ තිබෙනවා.

Share This