
ටිරාන් අලස් CIDයෙන් පිටව යයි
ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉන් පිටව ගොස් තිබෙනවා.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හේතු වී ඇති වැලිගම ප්‍රදේශයේ වෙඩිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමට එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ටිරාන් අලස් මහතාට දැනුම් දී තිබුණා.
ඒ අනුවයි ඔහු අද (31) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ.
පැය 6කට ආසන්න කාලයක් ටිරාන් අලස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබා දී තිබෙනවා.