ටූනා මාළුවලට ඇබ්බැහිවූ අයෙක් මාළු යුෂ කොලෝන් ලෙස භාවිතා කරයි

ටූනා මාළුවලට ඇබ්බැහිවූ අයෙක් මාළු යුෂ කොලෝන් ලෙස භාවිතා කරයි

ටූනා මාළුවල සුවඳ බැලීමට සහ පරිභෝජනය කිරීමට දැඩි ඇබ්බැහියක් ඇති අමෙරිකාවේ පුද්ගලයෙක් සතිපතා මාළු ටින් 15ක් පරිභෝජනය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ Tiler නමවන එම පුද්ගලයා ටුනා මාළුවල යුෂ කොලෝන් ලෙසින්ද භාවිතා කිරීමට තරම් උමතුවෙන් පසුවන බවයි

කැන්සාස් හි පදිංචි ඔහු “My Strange Addiction: Still Addicted?” රූපවාහිනී වැඩසටහනේ කථාංගයක පෙනී සිටිමින් ටින් මාළුවලට ඇති ඇබ්බැහිය ගැන සාකච්ඡා කර තිබෙනවා.

Tiler මහතාගේ මව පවසන්නේ ඔහු කුඩා කළ සිටම මාළුවලට ඉතා ප්‍රිය කළත් ඒ කැමැත්ත උමතුවක් දක්වා වර්ධනය වීමක් අපේක්ෂා නොකළ බවයි.

මේ අතර Tiler මහතා කුමන ස්ථානයකට ගියත් මාළු ටින් එකක් ළග තබාගෙන සිටින බවත් ඔහුට අවශ්‍ය වු විට ටින් එක කඩා එහි සුවඳ බැලීමට හුරු වී සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This