ටෙස්ට් පන්දු යවන්නන් අතර යළි පෙරමුණට ආ ජස්ප්‍රිට් බුම්රා

ටෙස්ට් පන්දු යවන්නන් අතර යළි පෙරමුණට ආ ජස්ප්‍රිට් බුම්රා

නවතම ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට ඉන්දීය ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා නැවත වරක් සමත් වී තිබෙනවා.

බංග්ලාදේශයට එරෙහිව පසුගියදා කාන්පූර් හි පැවති තරගයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු මෙලෙස ප්‍රථම ස්ථානයට පත්වීමට සමත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මීට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රභාත් ජයසූරිය සහ කමිඳු මෙන්ඩිස් ද ශ්‍රේණිගත කිරීම් අතර ඉදිරියට පැමිණීම විශේෂත්වයක්.

ටෙස්ට් පන්දු යවන්නන් අතර රවිචන්ද්‍රන් අශ්වින් දෙවන ස්ථානයේ පසුවනවා.

Share This