ටොංගා දූපතේ ප්‍රබල භූකම්පනයක්

ටොංගා දූපතේ ප්‍රබල භූකම්පනයක්

ටොංගා දූපතේ රිච්ටර් මාපකයේ 7.1 ක භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

ඒ අනුව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය එම ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව සඳහන්

ටොංගා බලධාරීන් වෙරළ තීරයෙන් ඈත්ව සිටින ලෙස පදිංචිකරුවන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර, පහත් වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වන ජනතාව උස් ප්‍රදේශවලට හෝ තවත් අභ්‍යන්තරයට යන ලෙසයි, ටොංගා ජාතික ආපදා අවදානම් කළමනාකරණ කාර්යාලය දැනුම් දී ඇත්තේ

පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයට අනුව, භයානක සුනාමි රළ භූකම්පනයේ කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 300 ක් පමණ වෙරළබඩ ප්‍රදේශවලට බලපෑ හැකි බවටයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

 

Share This