ටොංගා රාජ්‍යයේ භූ කම්පනයක්
ටොංගා රාජ්‍යයේ Neiafu හි භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
රිච්ටර් මාපකයේ ඒකක 6.9ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ .
කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වීමේ අවදානමක් නොමැති බව සදහන්.
භූ කම්පනයෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් ද මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.