ටෝකියෝවේ ප්‍රධාන පෙළේ ඔරලෝසු සාප්පුවක් කොල්ලකන හැටි (VIDEO)

ටෝකියෝවේ ප්‍රධාන පෙළේ ඔරලෝසු සාප්පුවක් කොල්ලකන හැටි (VIDEO)

වෙස්මුහුණු පැළඳගත් තිදෙනෙක් විසින් ටෝකියෝවේ ප්‍රධාන පෙළේ ඔරලෝසු සාප්පුවක් කොල්ලකන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා වෙත නිකුත් කර තිබෙනවා

මෙය ටෝකියෝ හි Ginza ප්‍රදේශයේ ඔරලෝසු සාප්පුවක සිදුවූවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

කොල්ලකරුවන් සාප්පුව ඇතුළට ගොස් පිහියක් දිගුකරමින් වෙළඳසැලේ ලිපිකරුවන් මරා දමන බවට තර්ජනය කර ඇති අතර පසුව ප්‍රදර්ශනයට තබා තිබූ ඔරලෝසු රැසක් සොරාගෙන එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර කිසිවකුට තුවාල සිදුවී නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This