
ටෝනි බ්ලෙයාර් ආයතන නිලධරීන් ජනපති ලේකම් මුණ්ගැසේ
ටෝනි බ්ලෙයාර් ආයතනයෙන් ප්‍රධාන ආයතන හතරකට මූල්‍ය හා තාක්ෂණික සහාය
ගෝලීය වෙනසක් සඳහා වන ටෝනි බ්ලෙයාර් ආයතනයේ නිලධාරීන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (11) පැවැත් වුණා.
නව රජයේ වැඩපිළිවෙළෙහි ප්‍රමුඛතා හඳුනා ගෙන ඊට සහයෝගය පළ කිරීම මෙම හමුවේ අරමුණයි.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය සහ ආයෝජන මණ්ඩලය යන ආයතනවලින් ක්‍රියාත්මක කරන වැඩසටහන් විමසා බලා ඒවායේ ප්‍රමුඛතා හඳුනාගෙන ඊට මූල්‍ය හා තාක්ෂණික සහාය ලබා දීමට මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබෙනවා.
ටෝනි බ්ලෙයාර් ආයතනයේ නිලධාරීන් විසින් ගෝලීය වෙනසක් සඳහා සිදු කරනු ලබන මෙම ක්ෂේත්‍ර සංචාරයේදී සෑම අමාත්‍යාංශයකටම ගොස් වැඩසටහන් සමීපව නිරීක්ෂණය කරමින් වැඩසටහන්වලට සහාය දැක්වීමට මෙහිදී එකඟතාවකට පැමිණ තිබෙනවා.