ඩාවින්චිගේ සිතුවම්වල ඇති රහස් අමුද්‍රව්‍ය හඳුනා ගනී

ඩාවින්චිගේ සිතුවම්වල ඇති රහස් අමුද්‍රව්‍ය හඳුනා ගනී

නව අධ්‍යයනයකට අනුව ලියනාඩෝ ඩාවින්චි ඇතුළු සැන්ඩ්‍රෝ බොටිසෙලි සහ රෙම්බ්‍රාන්ඩ් වැනි මාස්ටර්වරු ඔවුන්ගේ තෙල් සිතුවම් සඳහා ප්‍රෝටීන භාවිතා කරඇති බව හඳුනාගෙන තිබෙනවා.

ප්‍රෝටීන සඳහා විශේෂයෙන්ම බිත්තර කහ මදය භාවිතා කරඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජර්මනියේ කාර්ල්ස්රුහේ තාක්ෂණ ආයතනයේ යාන්ත්‍රික ක්‍රියාවලි ඉංජිනේරු සහ යාන්ත්‍ර විද්‍යා ආයතනයේ අධ්‍යයන කතුවරයා වන ඔෆීලි රැන්කට් පැවසුවේ මේ පිළිබඳව ලිඛිත මූලාශ්‍ර ඉතා ස්වල්පයක් ඇති අතර විෂය එතරම් ගැඹුරින් විමර්ශනය කිරීමට කිසිදු විද්‍යාත්මක කාර්යයක් සිදු කර නොමැති බවයි.

ඔවුන්ගේ සිතුවම්වලට බිත්තර කහ මදය එකතු කිරීම නිසා දිගුකාලීනව සිතුවම් රැකගැනීමට හැකියාව ලැබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This