ඩැගෙස්තාන් ගුවන් තොටුපළ වැටලීම ගැන පුටින් කළ ප්‍රකාශය එක්සත් ජනපදය ප්‍රතික්ෂේප කරයි

ඩැගෙස්තාන් ගුවන් තොටුපළ වැටලීම ගැන පුටින් කළ ප්‍රකාශය එක්සත් ජනපදය ප්‍රතික්ෂේප කරයි

ඩැගෙස්තාන් ගුවන් තොටුපළකදී ඇතිවූ ඊශ්‍රායල විරෝධී කැරැල්ල යුක්‍රේනය සහ බටහිර රජයන් විසින් සංවිධානය කරන ලද බවට රුසියාව විසින් කරන ලද ප්‍රකාශයන් එක්සත් ජනපදය ප්‍රතික්ෂේප කර තිබෙනවා .

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා ඇත්තේ මෙම සිදුවීම තම රට තුළ අවුල් සහගත තත්ත්වයක් ඇති කිරීමේ උත්සාහයක කොටසක් බවයි.

ඊශ්‍රායලයේ ටෙල් අවිව් අගනුවර සිට ගුවන් යානයක් පැමිණීමට පෙර බොහෝ පිරිසක් මකච්කාලා ගුවන් තොටුපළට කඩා වැදුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ආරක්ෂක අංශ තත්ත්වය පාලනය කර ඇති අතර, ප්‍රාදේශීය බලධාරීන්ට අනුව 60 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා

මේ අතර යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky ගුවන් තොටුපල කැරැල්ල හෙළා දැක තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

 

Share This