
ඩැගෙස්තාන් හිදී රුසියානු හමුදා කම්හලකට අයත් හෙලිකොප්ටර් අනතුරකින් 5 ක් ජීවිතක්ෂයට
ඩැගෙස්තාන් ජනරජයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් රුසියානු හමුදා කම්හලක ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් සිව්දෙනෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වුණා.
ඩැගෙස්තාන් හි EU-අනුමත කිස්ලියාර් විද්‍යුත් යාන්ත්‍රික කම්හලේ සේවකයින් රැගෙන යමින් සිටි Ka-226 හෙලිකොප්ටර් යානයක් කැස්පියන් මුහුද අසල ගම්මානයකදී කඩා වැටීමට ලක්වන ආකාරය සමාජ මාධ්‍ය තුළ පැතිර යාමෙන් කතා බහක් ඇතිව තිබෙනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ නොවැම්බර් 7 වන අතර එහි සමාජ මාධ්‍ය තුළැ පැතිර ගිය වීඩියෝ දර්ශනවල දක්නට ලැබෙන්නේ හෙලිකොප්ටරය වෙරළට ගොඩබෑමට උත්සාහ කරන විට එහි පසු පස කොටස ගලක ගැටීමෙන් පිටුපස රෝටරය කැඩී යන බවයි.
පසු පස කොටය එල්ලීම නිසා හෙලිකොප්ටරයේ සමබරතාවය ගිලිහී ගොස් පසුව එය කැස්පියන් මුහුදේ අචි-සු ගම්මානය අසල හිස් පෞද්ගලික නිවසක් මතට කඩා වැටී තිබෙනවා.
එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ගින්නෙන් එය විනාශ වූ බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය පවසා තිබෙනවා.
