ඩැනියෙල් කුණාටුවෙන් දකුණු යුරෝපයට ගංවතුර – 8ක් මරුට

ඩැනියෙල් කුණාටුවෙන් දකුණු යුරෝපයට ගංවතුර – 8ක් මරුට

දකුණු යුරෝපයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව සහ දරුණු ගංවතුර හේතුවෙන් ග්‍රීසිය, තුර්කිය සහ බල්ගේරියාවේ අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් ඇති අතර තවත් කිහිප දෙනෙකු අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ගංවතුර හේතුවෙන් ග්‍රීසියේ අවම වශයෙන්පුද්ගලයින් තිදෙනෙක් , වයඹදිග තුර්කියේ දෙදෙනෙක් සහ බල්ගේරියාවේ කළු මුහුදේ වෙරළ තීරයේ අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙක් මිය ගොස් ඇති බවයි පැවසෙන්නේ

විශේෂයෙන් ග්‍රීසියට දැඩි වර්ෂාපතනයක් සමග ගංවතුර තත්ත්වයකට මුහුණ පෑමට සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ගිනිකොනදිග යුරෝපයේ ජාතික කාලගුණ විද්‍යා සේවාව විසින් නිල වශයෙන් ඩැනියෙල් ලෙස නම් කර ඇති මෙම කුණාටුව, දින කිහිපයක් පවතිනු ඇති බවට විශ්වාස කෙරෙනවා

Share This