
ඩෑන් ප්රියසාද් ගේ ඝාතන වෙඩික්කරු සහ අනියම් බිරිඳ හා රැකවරණය දුන් අයෙක් රඳවා ගෙන ප්රශ්ණ කිරීමට අධිකරණයෙන් අවසර
මීට මාස ගණනකට පෙර ඩෑන් ප්රියසාද් නමැත්තා අය වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධ ප්රධාන වෙඩික්කරු බවට සැකකරන පුද්ගලයකු කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ලද තොරතුරක් මත කෑගල්ල රංවල ප්රදේශයේ පිහිටි රාත්රි සමාජශාලාවක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ මෙම සැකකරු සිටින බවට ලද තොරතුරක් මත කල වැටලීමකදි අදාල පුද්ගලයා අනියම් බිරිඳ සමග මසකට රුපියල් 60,000 කුලියට කාමරයක් රැගෙන මාස තුනක කාලයක් රැඳි සිටි බවත් සැකකරු සන්තකයේ හෙරොයින් ග්රෑම් 12.700 ක්ද සොයාගත් බවයි.
අනියම් බිරිඳ සන්තකයේ අයිස් මත්ව්රව්ය ග්රෑම් 7.400 ක්ද තිබු බව පොලීසිය පවසුවා.
පොලීසිය පැවසුවේ මෙම සැකකරුට නවාතැන් දුන් පුද්ගලයාද නීති විරෝධි දුම්වැටි බණ්ඩල් 64 හා ගජමුතු කීහි පයක් සමගින් අත් අඩංගුවට ගත් බවයි.
අද සියළු සැකකරුවන් කෑගල්ල මහේස්ත්රාත් ශශිකා මිථුනආරච්චි මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රැකවරණය ලබාදුන් පුද්ගලයා හෙට ( 20 ) දක්වා රඳවා ගෙන ප්රශ්ණ කිරීමටත්, අනෙක් දෙදෙනා දින 7 ක් රඳවාගෙන ප්රශ්ණ කිරීමටත් කෑගල්ල මහේස්ත්රාත් අධිකරණයෙන් පොලීසියට අවසර ලබා දුන්නා.
අධිකරණය නියෝග කළේ ඔවුන් මේ මස 25 දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.