ඩිස්නිලන්තය ප්‍රථම වරට World of Frozen උද්‍යානයක් විවෘත කරයි(PHOTOS)

ඩිස්නිලන්තය ප්‍රථම වරට World of Frozen උද්‍යානයක් විවෘත කරයි(PHOTOS)

Hong Kongහි ඩිස්නිලන්තය ප්‍රථම වරට World of Frozen හෙවත් ”Frozen” චිත්‍රපටයේ තේමාවට අදාළව නව Frozen තේමා උද්‍යානයක් විවෘත කර තිබෙනවා.

ඒ අනුව Frozen චිත්‍රපටයේ එන Elsa, Anna, Olaf සහ Sven යන චරිත ඇතුළත් කරමින් දැන් ආසියාවටම වෙන් වූ නවතම Frozen ලන්තයක් Hong Kong උපනිවර්තන දූපතක ඉදිකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

හොංකොං හි Lantau දූපතේ උද්‍යානයක ඉදිකර ඇති මෙම ඇති නව Frozen ලන්තයෙහි North Mountain, එල්සාගේ අයිස් මාලිගය, හිම පියලි සහිත අයිස් දිය උල්පත සහ ඔරලෝසු කණුව වැනි Frozen චිතපටයේ ප්‍රධාන දර්ශනවල අංග කිහිපයක් ඇතුළුව, චිත්‍රපටයේ ප්‍රබන්ධ රාජධානිය වන Arendelle නිර්මාණය කර තිබෙනවා.

පළමු “Frozen” චිත්‍රපටයේ එන Anna සහ Prince Hans ගායනා කරන “Love is An Open Door” ගීතයද එහි ඇතුළත් වනවා.

“Frozen’ චිත්‍රපට ඩිස්නි ඉතිහාසයේ වඩාත්ම සාර්ථක චිත්‍රපටයක් වන අතර එය විශිෂ්ට ලෙස කතන්දර කීමේ හැකියාව පෙන්වන සාක්ෂියක් බවයි ඩිස්නි ප්‍රධාන විධායක නිලධාරී Bob Iger පවසන්නේ.

ප්‍රථම “Frozen” චිත්‍රපටය 2013 දී නිකුත් වන අතර, පසුව 2019 වසරේදී “Frozen II” චිත්‍රපටය නිකුත් වුණා.

සමාගම සැප්තැම්බර් මාසයේදී නිවේදනය කළේ ඩිස්නි උද්‍යාන සහ නිෂ්පාදන අංශයේ ආයෝජනය දෙගුණ කරන බවත්, ඉදිරි දශකය තුළ ඩොලර් බිලියන 60ක් ඒ සඳහා වියදම් කිරීමට සැලසුම් කර ඇති බවත්ය.

හොංකොං හි නව World of Frozen හි, Elsa, Anna සහ Kristoff ගේ චරිත නිරුපණය කරන නළු නිළියන් අමුත්තන් සමග විවිධ වූ ක්‍රියාකාරකම්වල නිරත වන බව සඳහන්.

නියමිත සංදර්ශන වෙනුවට සංගීත කණ්ඩායමක් World of Frozen පුරා සරින් සැරේ පැමිණෙනවා.

හොංකොං හි World of Frozen උද්‍යානයේ සවාරි දෙකක්ද ඇතුළත් වනවා.

Wandering Oaken’s Sliding Sleighs, ආරෙන්ඩෙල් මාලිගාවේ අමුත්තන්ට දර්ශන නැරඹීමට හැකි high-speed roller coaster සහ Frozen Ever After හරහා යන Anna, Elsa, Kristoff, Marshmallow, Sven the reindeer, Olaf the snowman සහ Pabbie Troll ඇතුළත් බෝට්ටු සවාරියක් ඇතුළත් වනවා.

එමෙන්ම චිත්‍රපටයේ පටිගත කරන ලද ගීත වන Do You Want to Build a Snowman?,” “Let It Go,” and “For the First Time in Forever යන ගීතද එහි ගායනා කරන බවයි සඳහන් වන්නේ.

මෙම උද්‍යානය සම්බන්ධයෙන් අදහස් පල කරමින් හොංකොං ඩිස්නිලන්තයේ කළමනාකාර අධ්‍යක්ෂ Michael Moriarty පවසන්නේ World of Frozen ඔවුන් මෙතෙක් ගොඩනගා ඇති විශිෂ්ටතම නිර්මාණය බවයි.

Share This