ඩීසල් තොගයක් රැගත් නැවක් අද දිනයේ මෙරටට (වීඩියෝ)

ඩීසල් තොගයක් රැගත් නැවක් අද දිනයේ මෙරටට (වීඩියෝ)

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,500ක් රැගත් නැවක් ඊයේ (19) කොළඹ වරායට ළඟා වූ බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය ප්‍රකාශ කළා.

එම මහත්මිය සඳහන් කළේ සිංගප්පුරු සැපයුම්කරුවෙකු මඟින් එම ඉන්ධන තොගය මෙරටට ලැබුණු බවත් අදාල නෞකාව ඉන්දියාවේ සිට මෙරටට ළඟා වූ බවයි.

දින 30ක කාලයක් තුළ පෙට්‍රල් තොගයට අදාළ ගෙවීම් සඳහා ඩොලර් මිලියන 31.75ක් ගෙවීමට ණයවර ලිපියක් විවෘතකර ඇති බව ද ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර අද (20) දිනයේ දී ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතයි.

අදාල ඩීසල් තොගය ඍජු මුදල් ගෙවීම් යත්තේ ලබාගන්නා අතර ඒ සඳහා වැය වන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 26.7ක් බවයි වාර්තා වන්නේ.

ඊට අදාල ගෙවීම් සඳහා බලශක්ති අමාත්‍යාංශය ශ්‍රී ලංකා මහ බැංකුවට රුපියල්වලින් ගෙවා තිබෙනවා.

අදාල මුදල් ගෙවීම් සඳුදා වනවිට සිදුකර තෙල් ගොඩබෑමේ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බවයි බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළේ.

Share This