ඩුබායි මහල් නිවාස ගොඩනැගිල්ලක ගින්නකින් පුද්ගලයින් 16 දෙනෙකු මරුට

ඩුබායි මහල් නිවාස ගොඩනැගිල්ලක ගින්නකින් පුද්ගලයින් 16 දෙනෙකු මරුට

ඩුබායි හි මහල් නිවාස ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එමෙන්ම තවත් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

අල්-රාස් ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස ගොඩනැගිල්ලක සිව්වන මහලේ ඊයේ (15) දිනයේ දී මෙම ගින්න හටගෙන ඇති බව සඳහන්.

ගින්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ආරක්ෂාව සහ ආරක්ෂක රෙගුලාසි උල්ලංඝනය කිරීම හේතුවෙන් ගින්න හට ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් ගින්නෙන් මියගිය පුද්ගලයින් කුමන ජාතියකට අයත් ද යන්න අනාවරණය කර නැහැ.

Share This