ඩුබායි රාජ්‍යයේ මහල් සංකීර්ණයක ගින්නක්

ඩුබායි රාජ්‍යයේ මහල් සංකීර්ණයක ගින්නක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන තිබෙනවා.

අජ්මාන් නගරයේ පිහිටා ඇති මෙම මහල් නිවාස සංකීර්ණයේ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ කිහිපයක්ම යොදවා ඇති බවයි පැවසෙන්නේ.

සිද්ධියෙන් මෙතෙක් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නැහැ.

බලපෑමට ලක් වූ ගොඩනැගිල්ලෙන් ඉවත් කරන ලද නිවැසියන් එමිරේට්ස් ප්‍රවාහන අධිකාරිය විසින් සපයන ලද බස් රථවලින් අජ්මාන් සහ සාජා හි හෝටල් වෙත ප්‍රවාහනය කර ඇති බවද සඳහන්.

 

Share This