
ඩෙංගු බෝ කරන පරිශ්‍ර 100 කට නීතිමය පියවර
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ජුනි මස 30 දින සිට ඡූලි මස 05 දක්වා ප්‍රකාශයට පත්කර ඇති විශේෂ මදුරු මර්දන සතියේ අද (04) දිනට අදාළ වාර්තාව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පරීක්ෂාවට භාජනය කරන ලද පරිශ්‍ර 13,642 ක් අතුරින් මදුරුවන් බෝ විය හැකි යැයි හඳුනාගත් පරිශ්‍ර 3,886 ක් හදුනාගෙන තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ ඉන් මදුරු කීටයන් සහිතව හඳුනාගත් පරිශ්‍ර සංඛ්‍යාව 382 ක් බවයි.
හදුනාගත් මදුරු බෝවන ස්ථාන 396 කට රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
පරිශ්‍ර 100 ක් සදහා නීතිමය පියවර ගත් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කළා.