ඩෙල්ටා ප්ලස් ..අලුත් කොවිඩ් ප්‍රභේදයක්  හිස ඔසවයි – ලංකාවටත් අනතුරු අඟවයි

ඩෙල්ටා ප්ලස් ..අලුත් කොවිඩ් ප්‍රභේදයක් හිස ඔසවයි – ලංකාවටත් අනතුරු අඟවයි

එන්නත්කරණයේ ඉහළ ප්‍රතිශතයක් ඇති රටවලින් මේ වන විට ඩෙල්ටා ප්ලස් නම් අනු කොවිඩ් ප්‍රභේදයක් වාර්තා වෙමින් තිබෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා දිනපතා පළවන පුවත්පතකට සඳහන් කර තිබෙනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

එන්නත්කරණයෙන් ඉහළ සාර්ථකත්වයක් හිමිකරගෙන ඇති එංගලන්තයෙන් මෙම ඩෙල්ටා ප්ලස් කොවිඩ් අනු ප්‍රභේදය මුල්වරට වාර්තා වී ඇති බවයි වැඩිදුරටත් ඔහු පවසන්නේ

ඒ අනුව මේ වනවිට රටවල් 27ක ඩෙල්ටා ප්ලස් අනු ප්‍රභේදය දැකිය හැකි බවද බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කරනවා

ශ්‍රී ලංකාව ද මේ වනවිට ජනතාවගෙන් වැඩි ප්‍රතිශතයක් එන්නත්කරණයට ලක්කර සිටින බැවින් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා කටයුතු කළහොත් ඩෙල්ටා ප්ලස් කොවිඩ් අනු ප්‍රභේදය මෙරටට ද ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවත් ඒ මහතා පවසනවා.

ඩෙල්ටා ප්ලස් ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ හැකියාවක් සහිත සංකූලතා වැඩි කොවිඩ් අනු ප්‍රභේදයක් බවයි වාර්තා වී තිබෙන්නේ

ඒ අනුව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පෙන්වා දෙන්නේ පවතින සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කරන බවක් සමාජයේ පෙන්නුම් කරන බැවින් ඩෙල්ටා ප්ලස් කොවිඩ් අනු ප්‍රභේදය වළක්වා ගැනීමට ජනතාව වඩා අවදානයෙන් කටයුතු කළයුතු බවයි

Share This