ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩුවේ තොරතුරු අද උසාවියට

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩුවේ තොරතුරු අද උසාවියට

ෆුල්ටන් ප්‍රාන්තයේ දිස්ත්‍රික් නීතිඥ ෆානි විලිස් අද (28) ෆෙඩරල් උසාවියේ පැවැත්වීමට නියමිත නඩු විභාගයකදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි ජාවාරම් විරෝධී නඩුවේ පළමු තොරතුරු ඉදිරිපත් කරනු ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ ධවල මන්දිර මාණ්ඩලික ප්‍රධානී මාර්ක් මෙඩෝස් සහ තවත් සම විත්තිකරුවන් 17 දෙනෙකුට එරෙහිවයි මෙම තොරතුරු ඉදිරිපත් කරනු ලබන්නේ

මේ වසරේ ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් කර ඇති අපරාධ නඩු හතර පිළිබඳව අධිකරණයේ කරුණු ඉදිරිපත් කරන පළමු අවස්ථාව මෙය වනු ඇති

එරට වේලාවෙන් පෙරවරු 10 ට නඩු විභාගය ආරම්භ වීමට නියමිත බවයි පැවසෙන්නේ

Share This