ට්‍රම්ප් රහසිගත ලියවිල්ලක් ළඟ තබාගත් බවට හඬ පටයක්

ට්‍රම්ප් රහසිගත ලියවිල්ලක් ළඟ තබාගත් බවට හඬ පටයක්

ධවල මන්දිරයෙන් පිටව ගිය පසු ඩොනල්ඩ් ට්‍රම්ප් රහසිගත ලියවිල්ලක් ළඟ තබාගත් බව පිළිගන්නා හඬ පටයක් අමෙරිකානු මාධ්‍ය වෙත ලැබී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

එම හඬ පටයේ, හිටපු ජනාධිපතිවරයා පිළිතුරු ලබාදෙමින් “මෙය ඉතා රහසිගතයි” යනුවෙන් පවසනු ඇසෙන බවයි සඳහන්ව ඇත්තේ

දළ වශයෙන් මිනිත්තු දෙකක තරමේ හඬ පටයක් බවයි පැවසෙන්නේ

එය 2021 වසරේ ජූලි මාසයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී මාර්ක් මෙඩෝස්ගේ සමගින් ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකින් පසු එය පටිගත වූ එකක් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

රහසිගත ලේඛන නීතිවිරෝධී ලෙස සන්තකයේ තබා ගැනීම සහ ඒවා නැවත ලබා ගැනීමට රජය දරන උත්සාහයට බාධා කිරීම යන චෝදනා 37කට අදාළව ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ල වී තිබෙනවා

ඔහු සියළු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර ධවල මන්දිරයෙන් තමා රැගෙන ගිය සියලුම ලියකියවිලි වර්ගීකරණය කර ඇති බව පවසන බව විදෙස් මාධ්‍ය පවසනවා

Share This