
ඩොප්ලර් කාලගුණ රේඩාර් ජාල ව්‍යාපෘතිය ආරක්ෂක ලේකම් ගේ නිරීක්ෂණයට
කාලගුණ හැකියාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් පුත්තලම ප්‍රදේශයේ ස්ථාපනය කෙරෙන ඩොප්ලර් කාලගුණ රේඩාර් ජාල ව්‍යාපෘති භූමිය ආරක්ෂක ලේකම්වරයා ඊයේ නිරීක්ෂණයට ලක් කළා.
මෙම ඩොප්ලර් කාලගුණ රේඩාර් ජාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ ජපන් රජයේ ආධාර යටතේ වන අතර ඉදිරියේ දී දිවයින පුරා යාවත් කාලීන කාලගුණ අනාවැකි ඉදිරිපත් කිරීම සහ පූර්ව අනතුරු ඇගවීමේ පද්ධති වැඩිදියුණු කිරීමේ හැකියාව ඇතිකර ගැනීම අරමුණු කරගනිමින් එය ක්‍රියාවට නැංවෙනවා.