ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියලත් ශක්තිමත් වෙයි

ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියලත් ශක්තිමත් වෙයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව මේ දිනවල ඉන්දීය රුපියල ද ශක්තිමත් වෙමින් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පසුගිය සතියේ, ඉන්දීය රුපියල, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 0.9% කින් වැඩි වූ බවයි එම මාධ්‍යවල සඳහන් වන්නේ.

මේ අතර එරට සංචිත බැංකුව උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කළේ මාර්තු 3 වනදායින් අවසන් වූ සතියේදී විදේශ විනිමය සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 562.40 ක් වූ බවයි.

පෙබරවාරි මස 24 වනදායින් අවසන් වූ සතියට සාපේක්ෂව මාර්තු 03 වන දායින් අවසන් වු සතියේදී ඉන්දියාවේ විදේශ සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 1 .4කින් ඉහළ ගොස් ඇතැයි ද එහි සඳහන්.

පෙබරවාරි මස 24 වනදායින් අවසන් වූ සතියේදී ඉන්දියාවේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය වාර්තා වුණේ අමෙරිකානු ඩොලර් බිලියන 560.94 ක් ලෙසයි.

Share This