ඩොලර් මිලියන 2 කට වඩා තිබුණොත් ඔබ අමෙරිකාවේ ධනවතෙක්

ඩොලර් මිලියන 2 කට වඩා තිබුණොත් ඔබ අමෙරිකාවේ ධනවතෙක්

අමෙරිකාවේ ධනවත් වීමට නම් අවම වශයෙන් ඩොලර් මිලියන 2.2 ක් අවශ්‍ය වන බව නවතම වාර්තා සඳහන් කරනවා.

අඟහරුවාදා නිකුත් කරන ලද Charles Schwab ගේ 2023 නූතන ධන සමීක්ෂණයට අනුව, ධනවතුන්ගේ ශ්‍රේණියට ළඟා වීමට අවශ්‍ය සාමාන්‍ය ශුද්ධ වටිනාකම ඩොලර් මිලියන 2.2ක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අමෙරිකාවේ ධනය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න තීරණය කිරීම අපහසු කාර්යයක් බව වාර්තාවල සඳහන්.

නිවාස මිල අහස උසට නැඟීම සහ උද්ධමනය නිසා එදිනෙදා භාණ්ඩවල මිල ඉහළ නැංවීමත් සමඟ, ඇමෙරිකාවේ මූල්‍යමය වශයෙන් සුරක්ෂිත බවක් දැනීමට නම් වෙන කවරදාටත් වඩා වැඩි මුදලක් අවශ්‍ය වනවා.

ධනවත් පුද්ගලයන්ගේ ජීවන රටාව ඔවුන්ගේ සම වයසේ මිතුරන්ගේ ජිවන රටාවටද බලපෑම් එල්ල කරනවා.

සමීක්ෂණවලට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් කියා සිටියේ තම මිතුරන්ට සමාන ජීවන රටාවක් ලබා ගැනීමට හැකිවීම ඔවුන්ට ධනවත් හැඟීමක් ඇති කරන බවයි.

අනෙක් අය සමග තම ජිවන රටාව සංසන්දනය කිරීම මිලේනියල්ස් සහ Gen Z කාල වකවානුවේ සිටින අය අතර පවතින සත්‍යතාවය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This