
ඩොලර් මිලියන 350 ක ණය පහසුකමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලංකාවට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සමඟ ක්‍රියාත්මක කරන මාස 48ක විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදු කළ සිව්වන සමාලෝචනය සම්පූර්ණ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
මහ බැංකුව නිවේදනය කරන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවලට සහාය දැක්වීම සඳහා විශේෂ ගැනුම් හිමිකම් මිලියන 254 ක (එ.ජ. ඩොලර් මිලියන 350 ක පමණ) මූල්‍යන පහසුකමක් වෙත ක්ෂණික ප්‍රවේශය ලබාදුන් බවයි.
එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන පස්වැනි වාරිකය මෙය බවත්, ඒ අනුව ජා.මූ. අරමුදලෙන් මේ දක්වා ලබා දී ඇති මුළු මූල්‍යන සහාය විශේෂ ගැනුම් හිමිකම් බිලියන 1.27 ක් (එ.ජ. ඩොලර් බිලියන 1.74 ක් පමණ) දක්වා ඉහළ යන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කළා.