ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සාර්ථක කර ගැනීම බලශක්ති ක්ෂේත්‍රයට ශක්තියක් -රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ-

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සාර්ථක කර ගැනීම බලශක්ති ක්ෂේත්‍රයට ශක්තියක් -රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ-

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සාර්ථක කර ගැනීම හේතුවෙන් පසුගිය අර්බුද සමයේ ඇනහිට තිබූ බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපෘති යළි ක්‍රියාත්මක කිරීමට හැකි වන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.

අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ එය බලශක්ති අර්බුදය විසඳාගැනීමට මහත් පිටිවහලක් වන බවයි.

එමෙන්ම රට සංවර්ධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ අඩපණ කිරීමට විපක්ෂයේ ඇතැම් පාර්ශ්ව විසින් කඩාකප්පල්කාරී ක්‍රියාවන්වල නිරතව සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදී තිබෙනවා.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ස්ථාවර රටකට සැවොම එක මඟකට යන මැයෙන් අද (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

Share This