තංගල්ල , සීනිමෝදර මත්ද්‍රව්‍ය ලොරි රථයේ රියදුරු ගල්කිස්සෙන් අල්ලයි

තංගල්ල , සීනිමෝදර මත්ද්‍රව්‍ය ලොරි රථයේ රියදුරු ගල්කිස්සෙන් අල්ලයි

තංගල්ල, සීනිමෝදර සැක සහිතව පුද්ගලයින් දෙදෙනකු මියගොස් සිටි නිවසේ තිබූ ලොරි රථයේ රියදුරු ගල්කිස්ස පොලිසිය ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සැගවී සිට ඇත්තේ ගල්කිස්ස පොලිස් වසමේ වලව්වත්ත ප්‍රදේශයේයි.

පුද්ගල මළසිරුරු දෙකක් හමුවී ඇති,තංගල්ල පොලිස් වසමේ අංක 43, කොටඹගහවතුගොඩ, සීනිමෝදර නැගෙනහිර, තංගල්ල ලිපිනයේ තිබී, හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍යය සමග සොයා ගත් අංක LP 3307 ලොරි රථයේ හිමිකරු වන මෙම පුද්ගලයා සතුව තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලි ග්‍රෑම් 140 ක් සොයාගෙන තිබෙනවා.

Share This