තමන්ගේ ඇඟිල්ල හපපු තරහට මීයාගේ ඔළුව කාපු තරුණියක්

තමන්ගේ ඇඟිල්ල හපපු තරහට මීයාගේ ඔළුව කාපු තරුණියක්

චීනයේ තරුණියක් මීයෙකු ඇයගේ ඇඟිල්ල හපා කෑමෙන් පසු ඇයට ආ ආවේගයට මීයාගේ හිස හපා තිබෙනවා.

මෙම සිදුවීම සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් මවිතයට පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

South China Morning Post වාර්තා කරන පරිදි 18 හැවිරිදි මෙම තරුණියගේ ඇඟිල්ල මීයා හපා ඇත්තේ විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේදීයි.

පසුව මීයා අල්ලාගෙන ඇයගේ දත් පහර සලකුණු වනසේ මීයාගේ ඔළුව හපා ඇති අතර හුස්ම හිරවීම නිසා මීයා මියගොස් තිබෙනවා.

පසුව තරුණියගේ තොල්වලට තුවාල සිදුවී ඇයව ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම තරුණියගේ මිතුරිය ප්‍රකාශ කර ඇත්තේ මීයා සැප කෑමට තරම්වූ ඇයගේ ක්‍ෂණික කෝපය සහ හැසිරීම පිළිබඳව ඇය කණගාටු වනවා මෙන්ම ලැජ්ජාවටද පත්වන බවයි.

මේ සිද්ධිය වාර්තා වීමෙන් පසු මීයන්ගෙන් රෝග විශාල ප්‍රමාණයක් බෝවීමේ ප්‍රවණතාවක් ඇති නිසා මෙම ක්‍රියාව සම්පූර්ණයෙන්ම හෙළා දකින බව චීනයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා.

Share This