
තම උපාධිය සම්බන්ධයෙන් පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යක් – නාමල් රාජපක්ෂ
තමන්ගේ නීති උපාධිය සම්බන්ධයෙන් කෙරෙන අලුත්ම අනාවරණ මුළුමනින්ම අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසන්නේ මෙම කාරණය සම්බන්ධයෙන් වත්මන් රජය බලයට පත්වූ වහාම අධිකරණයට ඉදිරිපත්කර ඇති බී වාර්තාවක් මගින් සිදුකෙරෙන විමර්ශනයේ ප්‍රතිපල මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති තත්ත්වය තුල සිදුකෙරෙන අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී රටටම දැකගත හැකි වනු බවයි.
මෙහිදී මාධ්‍යට අදහස් දැක්වූ නාමල් රජපක්ෂ මහතා ;
” මේ ආණ්ඩුව බලයට පත්වෙලා සති කීපයකින් විතර අධිකරණයට බී වාර්තාවක් දාලා මගේ උපාධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න අනුමැතිය ගත්තා. ඊට පස්සේ මාස ගණනාවක් මේ සම්බන්ධයෙන් සොයා බැලීම් කරගෙන යනවා. අද වෙනතුරු අධිකරණයට කිසිම දෙයක් වාර්තා කරලා නැහැ. හැබැයි වෙබ් අඩවි වලින් මඩක් ගහනවා. දැන් නුගේගොඩ රැලියට හොඳටම බයවෙලා. බොරු බේගල් ප්‍රචාරය කරනවා. මේ සේරම අවලාද අපහස වලට 21 වෙනිදා උත්තර ලැබේවි ” යයි ඔහු මාධ්‍යවේදීන් හමුවේ පැවසුවා.
– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
