
තඹුත්තේගමට ආව “තනියා” වි උරයක් බලෙන් අරගෙන යයි
අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් තඹුත්තේගම, මකුලෑව ගම්මානයේ නිවසකට අද උදෑසන පැමිණි එම ප්‍රදේශයේම සැරිසරන “තනියා” ලෙස කවුරුත් හඳුන්වන සද්දන්ත වන අලියා නිවසක මුළුතැන් ගෙයි තිබු වී උරයක් රැගෙන මාර්ගය දිගේ ගමන් කරන ආකාරය පුද්ගලයකු සිය ජංගම දුරකථනයෙන් පටිගත කරගෙන තිබුණා.
ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ අනුරාධපුර වනජීවී නිලධාරීන්ට මේ බව කොතෙකුත් දැනුම් දුන්න ද ඔවුන් මෙම සද්ධන්තයා එලවීමට උත්සාහ නොගන්නා බවයි
දිවා – රාත්‍රී දෙකෙහි මෙම තනි අලියා ගම්මානය පුරා නිතරම සැරි සැරීම නිසා ප්‍රදේශයේ ජනතාව දැඩිව පීඩාවට පත්ව සිටිනවා.
එම සද්ධන්තයා වී උරය ආහාරයට ගනිමින් මාර්ගයේ ගමන් කරන ආකාරය සහ වතු මැදින් යන ආකාරය දැකගත හැකියි.
ගම්වාසීන් පෙන්වා දෙන්නේ සියඹලන්ගමුව රක්ෂිතයේ සිටින වන අලින් මෙසේ මෙම ගම්මානයට පැමිණෙන බවයි.