තරගය හොඳයි නමුත් වංචාව අනුමත කරන්න බැහැ – Twitter සමාගමෙන් ප්‍රකාශයක්

තරගය හොඳයි නමුත් වංචාව අනුමත කරන්න බැහැ – Twitter සමාගමෙන් ප්‍රකාශයක්

Meta සමාගම විසින් Twitter සමග තරග කිරීමට එළිදැක්වූ Thread යෙදුම නීතිමය ගැටළුවලට මුහුණ දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දියත් කිරීමෙන් පසු යෙදුම දැනටමත් මිලියන 30 කට අධික පරිශීලකයින් ලබාගෙන ඇති අතර, එහි ප්‍රතිවාදියා වන Twitter ඔවුන්ගේ බුද්ධිමය දේපල අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව පවසමින් Meta සමාගමට නඩු පවරන බවට තර්ජනය කර තිබෙනවා.

Elon Musk ගේ නීතීඥ ඇලෙක්ස් ස්පිරෝ විසින් Meta හි ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් වෙත ලිපියක් යවමින් “ට්විටර් හි වෙළඳ රහස් සහ අනෙකුත් බුද්ධිමය දේපළ නීති විරෝධී ලෙස පරිහරණය කිරීම” සම්බන්ධයෙන් ඔහුට චෝදනා කර ඇති බවයි සඳහන් වන්නේ.

“Twitter හි වෙළඳ රහස් සහ අනෙකුත් අතිශය රහසිගත තොරතුරු වෙත ප්‍රවේශය තිබූ සහ තවමත් පවතිනTwitter සේවකයින්බොහොමයක් බඳවා ගැනීම Meta සමාගමට එල්ල වී ඇති චෝදනාවයි.

Twitter හි පණිවුඩයක් නිකුත් කරමින් Elon Musk පැවසුවේ, “තරගය හොඳයි, වංචා කිරීම නොවේ” යනුවෙනි.

කෙසේ වෙතත් Meta සමගම එල්ල වී ඇති චෝදනාවලට පිළිතුරු දෙමින් පවසන්නේ Thread යෙදුමේ ඉංජිනේරු කණ්ඩායමේ කිසිවෙක් හිටපු Twitter සේවකයෙකු නොවන බවයි.

Share This