තරුණයෙකු මියයාමේ සිද්ධියට වාද්දුව පොලිසියේ සිව් දෙනෙකු අත්අඩංගුවට

තරුණයෙකු මියයාමේ සිද්ධියට වාද්දුව පොලිසියේ සිව් දෙනෙකු අත්අඩංගුවට

වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු රෝගාතුර වී රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලීසියේ කොස්තාපල්වරු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයාට පහරදීම සම්බන්ධයෙන් වන චෝදනාව යටතේයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඒ අනුව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් එම පොලිස් කොස්තාපල්වරුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් හෙට (13) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම විනයානුකූලව කටයුතු කිරීම සඳහා ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

Share This