
තරුණ ව්‍යවසායකයින් හඳුනාගෙන ප්‍රවර්ධනය කිරීමට ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් විශේෂ කමිටුවක්
තරුණ ව්‍යවසායකයින් හඳුනාගෙන ප්‍රවර්ධනය කිරීම සඳහා අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් පත්කළ අනු කාරක සභාවෙන් විශේෂ කමිටුවක්.
අනු කමිටුව, තරුණයින් අතර දක්ෂ හා නවවෝත්පාදන ව්‍යවසායකයින් හඳුනාගෙන ප්‍රවර්ධනය කිරීම උදෙසා සැලැස්මක් සකස් කිරීම සඳහා තරුණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා පිහිටුවන ලද වන අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් පත්කළ අනු කාරක කාරක සභාව මගින් විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.
එම තීරණය ගෙන ඇත්තේ අනු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09 වන දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.
මේම රැස්වීමට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ද සහභාගී වුණා.
ඒ අනුව මෙම තරුණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා සැලැස්මක් සකස් සකස් කිරීම සඳහා පත්කළ කමිටුව ජාතික තරුණ සේවා සභාව, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය, රජ්‍ය බැංකු සහ මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයින් ගෙන් සමන්විතයි.
දිවයින පුරා තරුණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම කමිටුව රැස්වන බවත්, විශිෂ්ට ව්‍යවසායකයින් තෝරා ගෙන ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුුතු කිරීම සඳහා වැඩසටහනක් සකස් කරන බවත් අනුකමිටුවේ සභාපතිවරයා පැවසුවා.
මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා තම අමාත්‍යාංශය දැනටමත් වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කර ඇති බවත්, තරුණ ව්‍යවසායකයින් සඳහා විශේෂ වැඩසටහනක් සකස් කරන්නේ නම්, අවශ්‍ය සහයෝගය ලබා දිය හැකි බවත් සඳහන් කළා.
එමෙන්ම තරුණ වයවසායකයින් තෝරාගැනීමේ නිර්ණායක නිවැරදි විය යුුතු බවත්,තෝරාගත් තරුණයින් ව්‍යවසායකත්වය සඳහා කැපවී සිටීම අත්‍යවශ්‍ය බවත් ඔහු අවධාරණය කළා.
තවද මෙම රැස්වීමේදී අපනයන වෙළඳපොළවල්, නිර්මාණාත්මක කුසලතා ආදියෙන් පිරි ව්‍යවසායකත්වයක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.